නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා A කණ්ඩායම අතින් ගිළිහි ගියා.
ඒ පාකිස්තාන A කණ්ඩායම හමුවේ ලකුණු 5කින් පරාජය වීමත් සමඟයි.
දෝහා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පාකිස්තාන A කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන A කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී රැස්කළ ලකුණු 153ක්.
ගාසි ගෝරි නොදැවි ලකුණු 39ක් රැස්කළා.
පන්දු යැවීමේදී ප්‍ර මෝද් මධුෂාන් ලකුණු 29ට කඩුලු 4ක් දවාගත් අතර ට්‍රෙවීන් මැතීව් ලකුණු 22 ට කඩුලු තුනක් දවාගත්තා.
ලකුණු 154ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායමේ පළමු කඩුලු 8 ලකුණු 99ක් තුළදි දැවීගියා.
ඒ අනුව තරගයේ ජයග්‍රහණය පාකිස්තානය සතුවු අතර අවසන් පිතිකරුවන් ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක් එක් කළ.
තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් පන්දුවාරයට ලකුණු 12ක් රැස්කරගත යුතුව තිබුණා.
නමුත් ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මිලාන් රත්නායක දැවීයාමත් සමඟ ශ්‍රී ලංකා A කණ්ඩායමට රැස්කරගත හැකිවුණේ ලකුණු 148ක් පමණයි.
මිලාන් රත්නායක ලකුණු 40ක් රැස්කළ අතර විශේෂ් හැළඹගේ ලකුණු 29යි.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා A කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවුණේ ලකුණු 148ක් පමණයි.
එම නිසා නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා A කණ්ඩායම අතින් ගිළිහි ගියා.
තරගාවලියේ අවසන් මහා තරගය බංග්ලාදේශ A කණ්ඩායම සහ පාකිස්තාන A කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි.
