තහනම් උත්තේජක පරීක්ෂණ මගහැරි බවට චෝදනා එල්ල වූ අමෙරිකානු කෙටි දුර ධාවන ශූර ෆ්‍රෙඩ් කර්ලිට එරට ක්‍රීඩා බලධාරීන් තාවකාලික තරග තහනමක් පනවා තිබෙනවා.
ඔහු ටෝකියෝ ඔලිම්පික් උලෙලේ දී මීටර 100 ඉසව්වේ රිදී පදක්කමත්, පැරීස් ඔලිම්පික් උලෙලේදී මීටර් 100 ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට සමත්වුණා.
කර්ලි වසරක් තුළ තහනම් උත්තේජක පරීක්ෂණ තුනක් මගහැර ඇති බවටයි චෝදනා එල්ල වන තාවකාලික තහනම අතරතුර එම චෝදනාවලට සාධාරණ සාක්ෂි ඉදිරිපත් කිරීමට ෆෙඩ් කර්ලි අපොහොසත් වුවහොත් ඔහුට වසර 2 ක තරග තහනම පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ.
