ඇන්ඩර්සන්ට නයිට් පදවියක්

එංගලන්තයේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩර්සන් ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් නයිට් පදවිය පිරිනැමීමට නියමිතව තිබෙනවා.

බ්‍රිතාන්‍යෙය් හිටපු අගමැති රිෂි සුනක්ගේ ඉල්ලා අස්වීමේ ගෞරව ලැයිස්තුවේ ඇන්ඩර්සටන්ට නයිට් පදවිය ලබා දී ඇති අතර, එය සුනක් අගමැතිවරයා ක්‍රීඩකයෙකුට එම සම්මානය ලබා දුන් එකම අවස්ථාවද වනවා.

ඇන්ඩර්සටන්ට ලබාදුන් ගෞරවනාමය සම්බන්ධයෙන් අදහසක් දක්වන එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ සභාපති රිචඩ් තොම්සන් පැවසුවේ “එංගලන්ත ක්‍රිකට් වෙනුවෙන් බොහෝ දේ ලබා දුන් පුරාවෘත්තයකට ඇත්තටම ලැබිය යුතු ගෞරවයක්” බවයි.

ඒ අනුව මෙම නයිට් පදවියත් සමග ඔහු ශ්‍රීමත් ජේම්ස් ඇන්ඩර්සන් නැතහොත් සර් ජේම්ස් ඇන්ඩර්සන් ලෙසින් හැඳින්වෙනු ඇති.

42 හැවිරිදි ඇන්ඩර්සන් පසුගිය වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගිය අතර, ඒ වනවිට ඔහු කඩුලු 704ක් දවාගෙන සිටියා.

ඔහු අදටත් ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් වේග පන්දු යවන්නාද වනවා.

දශක දෙකකට අධික කාලයක් පුරා එංගලන්තය නියෝජනය කළ ඇන්ඩර්සන් ටෙස්ට් තරග 188කට, එක්දින තරග 194කට සහ විස්සයි20 තරග 19කට ක්‍රීඩාකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *