ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාවේ විශිෂ්ඨම අවුරුදු 6

තිලංග සුමතිපාල මහතාගෙන් පසු 2019 වසරේදි ක්‍රිකට් මුල් පුටුවට තේරීපත් වූ ෂම්මි සිල්වා ප්‍රම්‍රඛ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරී මණ්ඩලය ක්‍රිකට් පරිපාලනය භාරගෙන අදට අඛණ්ඩව වසර 6ක් සපිරෙනවා.

මෙම වසර 6 පුරාවට වාර්තාගත ජයග්‍රහණ රැසක්ද එම පරිපාලන සමයේදී ශ්‍රී ලංකාවට ලබා ගත හැකි විය.

වසර 8කට පසු 2022 වසරේදී ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගත්තේද ෂම්මි සිල්වාගේ පරිපාලන සමයේදී වන අතර වනිඳු හසරංග 20-20 පන්දුයැවිම් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණියේ සහ මහීෂ් තීක්ෂණ, කුලසේකරගෙන් පසු එක්දින පන්දුයවන්නන් අතර ලොව අංක එකේ පන්දු යවන්නා බවට පත්වූයේද මෙම කාලසීමාවේදීයි.

2024 වසරේදී ICC එක්දින කණ්ඩායමට පැතුම් නිස්සංක, චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් ඇතුළත් වෙද්දී එම වසරෙදී නැගී එන ක්‍රීඩකයා ලෙස නම් කෙරුණේද කමිඳු මෙන්ඩිස්.

වසර 27 කට පසුව ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් හිමි කර ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම 2024 සමත්වූයේ ෂම්මි සිල්වා පරිපාලන කාලයේයි.

එමෙන්ම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු ආසියානු රට බවට පත්වන්නට ශ්‍රී ලංකා පිලට හැකිවූයේ ෂම්මි පාර්ශවෙය ක්‍රිකට් බලයේ සිටි කාලයේයි.

2022 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගත්තේ වසර 30කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලි ජයක් වාර්තා කරමින්.

ශ්‍රී ලාංකේය අනන්‍යතාව තහවුරු කෙරෙන ලීග් ක්‍රිකට් තරගාවලියක් 2020 වසරේදී කොරෝනා අභියෝගය මැද ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් නිලධාරී මඩුල්ල ආරම්භ කළ අතර එය මේ වන විට අඛණ්ඩව වසර 4ක් පවත්වා තිබේ.

මෙරට කාන්තා ක්‍රිකට්වල පිබිදීමක් ඇති කළේද මෙම වසර 6 තුළදීයි.

නවසීලන්තය, එංගලන්තයට එරෙහිව පළමු වරට 20-20 තරගාවලි ජයත් මෙන්ම ශ්‍රී ලංකා කාන්තා පිල පළමු වරට ආසියානු කුසලානයක් ලක්මවට දිනා දෙන්නේද ෂම්මි සිල්වා පාලන සමයේදීයි.

ඒ අනුව ෂම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් නිලධාරී මණ්ඩලය ඉතිහාසගත වී ඇත්තේ ආකර්ෂණීය ලීග් තරගාවලි 4ක් සාර්ථකව පැවැත්වී මෙරට එකම ක්‍රිකට් මණ්ඩලය ලෙසයි.

එමෙන්ම ෂම්මි පරිපාලන සමයේදී මෙරට ක්‍රීඩාංගණ රැසක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළ අතර ඉන් සුවීශේෂීම කරුණ වන්නේ යළිත් දඹුල්ලට ක්‍රිකට් වසන්තය උදාකරලීමයි.

ඉන් නොනැවතුණු වත්මන් ක්‍රිකට් නිලධාරීන් මේ වන විට ඓතිහාසික කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැරණි විදුලි ආලෝක පද්ධතිය ඉවත් කර LED ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබීමද පැසසිය යුතුයි.

මෙරට ක්‍රීඩා සමාජවලට වැඩිම දායකත්වයක් ලබාදුන් ක්‍රිකට් නිලධාරී මණ්ඩලය ලෙස ෂම්මි පාර්ශ්වය මේවන විට ඉතිහාසගත වී අවසන්.

මෙරට ක්‍රිකට් ප්‍රතිසංස්කරණ රැසක් මේවන විට ආරම්භ කර ඇති අතර මනා සැලැස්මකින් ෂම්මි පාර්ශ්වය එම කටයුතු සිදුකරගෙන යමින් සිටියි.

පාසල් ක්‍රිකට්වලට ලබාදිය හැකි සියලුම පහසුකම් ලබාදෙමින් මෙවර පාසල් මහා ක්‍රිකට් තරගවලටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සුවිශේෂී දායකත්වයක් ලබාදි තිබීමද කැපි පෙනනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *