මැලේසියාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් පිල ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
මෙවර ශ්‍රී ලංකා යොවුන් කාන්තා ක්‍රිකට් පිලට නායකත්වය ලබාදෙන්නේ මනුදි නානායක්කාරයි.
මෙවර වයස අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ දී පැවැත්වෙන අතර තරගාවලිය 20-20 තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළුව කණ්ඩායම් 6ක් තරග වදිනවා.
ශ්‍රී ලංකාව යොවුන් කාන්තා පිල මෙවර තරගාවලියේදී ඒ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට සත්කාරක මැලේසියාව සහ බංග්ලාදේශයද ඇතුළත්.
මෙවර ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානයක්කාර නායකත්වය ලබාදෙන අතර ශ්‍රී ලංකා සංචිතයට යොවුන් ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.
ඉන් හය දෙනෙකුම රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කිරීමද කැපී පෙනෙනවා.
ත්‍රික්‍රණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ විමෝක්ෂා බාලසූරිය, අම්පාර උහන ජාතික පාසලේ ප්‍රමුදි මෙත්සරා සහ මොණරාගල බට්ටි නමින් ප්‍රචලිත වූ මොණරාගල කුඹුක්කන ශ්‍රී පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ චමොදි ප්‍රබෝධා ද ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතයට ඇතුළත්.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද මෙම සංචිතය ඇතුළත්ව සිටිනවා.
අවුරුදු 19න් පහළ කාන්තා යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය දෙසැම්බර් මස 15 වැනිදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
