2023 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීමට මිලියන ගණනක ක්‍රිකට් ලෝලීන් එක්වීමත් සමඟ මෙතෙක් තිබූ වාර්තා බිඳ වැටෙමින් තිබේ.
මෙතෙක් රූපවාහිනියේ නැරඹුම් මිනිත්තු බිලියන 123.8 ඉක්මවා ඇත. එය 2019ට සාපේක්ෂව 43%ක වැඩිවීමක්.
මෙතෙක් පැවති විශාලතම ක්‍රිකට් ලෝක කුසලානයේ සජීවී විකාශනය සඳහා මේ දක්වා මුළු නරඹන්නන් මිලියන 364.2 ක් එක්ව තිබේ.
ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරඟය අතරතුරදී තරගය නරඹා ඇති පිරිස මිලියන 43 ක්.
එය තරගයක් නැරඹූ උපරිම සංඛ්‍යාව ලෙස ලෝක වාර්තාවක් තබා ඇත.
2019 වර්ෂය සඳහා සසඳන විට තරගය නැරඹීම සඳහා එක්ව සිටි පිරිස 190000 කට වඩා වැඩියි.
ඒ අනුව 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය, මෙතෙක් පැවති විශාලතම ක්‍රිකට් ලෝක කුසලානය ලෙස සැලකෙන අතර මිලියන සිය ගණනක ක්‍රීඩා ලෝලීන් තරග නැරඹීමට එක්ව සිටින බැවින් තවත් වාර්තා පිහිටුවනු ඇතැයි අපේක්ෂිතයි.
