එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම ශතකලාභීන් අතර දෙවන ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ඊයේ සමත් වුණා.
වෝනර් නෙදර්ලන්තයට එරෙහිව ඊයේ රැස්කළ ශතකයත් සමගින් ඔහු මේ වනවිට එක්දින ලෝක කුසලාන ශතක 6ක් රැස් කරගෙන තිබෙනවා.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දීය නායක රෝහිත් ෂර්මායි.සුපිරි ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර වැඩිම ශතකලාභීන්ගේ ලැයිස්තුවේ සම තුන්වන ස්ථානයේ පසුවනවා.
