ශ්‍රී ලංකා කාන්තා පිල පළමු ජය ලබයි

20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිය පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත්වුණා.

ඒ තායිලන්තය ලකුණු 67කින් පරාජය කරමින්.

අබුඩාබි හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා පිල දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා පිලේ මුල් කඩුලු 5 ලකුණු 78ක් තුළ දවා ගනිමින් තායිලන්ත පන්දු යවන්නන් ශ්‍රී ලංකා කාන්තා පිලට දැඩි අභියෝගයක් එල්ල කළා.

චමරි අතපත්තු ලකුණු 16ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා.

හසිනි පෙරේරා ලකුණු 29ක් රැස් කළ අතර කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජවයක් ගෙන ආ නිලක්ෂිද සිල්වා සහ අනුෂ්ක සංජීවනි 6 වැනි කඩුල්ලට ලකුණු 44ක නොබිඳුනු සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම සවිමත් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 122ක් රැස් කිරීමට සමත්වුණා.

ලකුණු 123ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය තායිලන්තය කාන්තා පිලට පන්දුවාර 16යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 14කට කඩුලු 3ක් දවා ගත් අතර උදේශිකා ප්‍රබෝධිනී ලකුණු 10කට කඩුලු 2ක් දවා ගැනීමට සමත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *