වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා 20යි 20 මුලික සංචිතයට කලකට පසුව නිරෝෂන් දික්වැල්ල සහ භානුක රාජපක්ෂව නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා 20යි 20 මුලික සංචිතය වන්නේ නායක වනිඳු හසරංග, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, විජයකාන්ත් වියස්කාන්ත්, අකිල ධනංජය, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ප්‍රමෝද් මධුෂාන්, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේයි.
20යි 20 ලෝක කුසලානයට නම්කල ශ්‍රී ලංකා මුලික සංචිතය මේ වන විට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී සිය පුහුණුවීම් සැසිය ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, දුෂ්මන්ත චමීර සහ මතීෂ පතිරණ මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන IPL ක්‍රිකට් තරගාවලියට සහභාගී වි සිටිම නිසා ඔවුන් ආරම්භයේදී පුහුණුසැසියට එක් වන්නේ නැහැ.
20යි 20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා නොකරන බැවින් තේරීම් කමිටුව විසින් අවසන් සංචිතය තේරීම සඳහා මැයි 2 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අන්තර් සංචිත 20යි 20 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.
