ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට එක්දින ලෝක කුසලානයේ ඉතිරි තරග අහිමිවන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.ඒ ඔහුගේ උරහිසේ ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.
මතීෂ පතිරණව 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් කළමණාකාරිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක්ද කර ඇති බව Lead Sports වෙත වාර්තාවනවා.
මතීෂ වෙනුවට බොහෝදුරට දුෂ්මන්ත චමීරව 15 දෙනාගේ ප්‍රධාන සංචිතයට කැඳවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
