ශ්‍රී ලංකා යොවුන් කාන්තා පිලට ඉතිහාසගත ජයක්

සංචාරක මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තරග 5කින් සමන්විත 20-20 තරගාවලිය 5ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අද සමත්වුණා.

ඒ ඊයේ පැවති පස්වැනි සහ අවසන් තරගය කඩුලු 8කින් ජය ගනිමින්.

සංචාරක මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අතර පස්වැනි සහ අවසන් 20-20 තරගය පැවැත්වුණේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදීයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මැලේසියා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 82ක් රැස් කිරීමට සමත්වුණා.

මයිරා ඉස්මයිල් ලකුණු 36ක් රැස් කළ අතර පන්දුයැවීමේදී අසේනි තලගුණේ ලකුණු 13කට කඩුලු 2ක් දෙකක් සහ රොෂ්මිකා සෙව්වන්දි එක් කඩුල්ලක් දවා ගත්තා.

ලකුණු 83ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 5ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර යාමට සමත්වුණා.

සංජනා කාවින්දි ලකුණු 45ක් සහ නායිකා මනුදි නානායක්කාර නොදැවී ලකුණු 24ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කළා.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා පිල සමත්වුණා.

තරග 5කින් සමන්විත මෙම තරගාවලිය 5ට0ක් ලෙස ජය හිමිකර ගත්තේද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *