ක්‍රිකට් ලොව සලිත කළ ලාහෝර් ප්‍රහාරයට අදට වසර 16යි

අපි දැන් ඔබව 2009 වසරේ මාර්තු 03 දක්වා වසර 16ක් අතීතයට රැගෙන යන්නයි මේ සූදානම් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහොර් නුවරදී ත්‍රසතවාදීන්ගේ ප්‍රහාරයට ලක්වෙලා අදට වසර 16ක්.

පාකිස්තානය සමග පැවති 2 වන ටෙස්ට් තරගයේ 3 වන දිනය සදහා ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණය වෙත පැමිණෙමින් සිටින අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් බස් රථය ඉලක්ක කර මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා.

තිලාන් සමරවීර, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස් එවක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ මහේල ජයවර්ධන, සහ සුරංග ලක්මාල් මෙහිදී තුවාල ලැබුවා.

තිලාන් සමරවීර සහ තරංග පරණවිතාන එහිදී බරපතල තුවාල ලැබූ අතර මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පාකිස්තාන පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම බිහිසුණු අත්දැකීම පිළිබද තරංග පරණවිතාන මෙලෙස විස්තර කර තිබුණා.

“බුලට් එකක් වැදුනා පපුවට. වැදුන ගමන් මම පිට අල්ලලා බැලුවා පිටවුනාද කියලා, පපුවේ හැමතැනම ලේ ගලනවා.”

“හැමෝම හිතුවේ මම මැරෙයි කියලා, ලේ දැකලා. වාසනාවකට උණ්ඩය පිටින් ගිහිල්ල තිබුණේ නැහැ”

“එතකොටම වාස් අඅයියයි, ඩිල්ෂාන් අයියයි කෑ ගැහුව බස් රියදුරුට. go, go කියලා. බස් එක ගියා. තව ටික වෙලාවක් හිටියනම් කවුරුත් ඉතුරු වෙන එකක් නැහැ”

“ඒක චිත්‍රපටයක් වගේ, අපි දැක්කේ වටෙන්ම වෙඩි තියනවා, බෝම්බ පුපුරනවා, ටික වෙලාවක් ගිහිල්ලා උණ්ඩ ඇතුළට එනකොට තමයි තේරුණේ මේක අපිට එල්ල කරන්නේ කියලා”

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ තරග සංචාර සඳහා එක්වීමට ප්‍රතික්ෂේප කළ අතර එවන් පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායම දසුන් ශානකගේ නායකත්ව යටතේ පාකිස්ථානයේ 20යි 20 තරගාවලියක් සඳහා එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *