ලබන වසරේ පෙබරවාරි-මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිත චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියා කණ්ඩායම පාකිස්තානය වෙත යාමට ඇති ඉඩකඩ ඉතා සීමිතයි.
2025 චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තීරණය කළහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගාවලියට එක්වීමට අවස්ථාව උදාවනවා.
ඒ 2023 එක්දින ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව 9 වැනි ස්ථානය හිමිකර ගැනීම හේතුවෙන්.
2002 වසරේ එම තරගාවලියේ ශූරයින් වූ ශ්‍රී ලංකාව ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලැබීමට අපොහොසත් වූයේ පළමු වරටයි.
ඉන්දියා කණ්ඩායම පකිස්තානයට යාමට ඇති අවස්ථාව අවමවන අතර, ඉන්දීය ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා ඇත්තේ තරගාවලිය ශ්‍රී ලංකාව හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යන ලෙසයි.
ශූරයන්ගේ කුසලානයට ඉන්දියාවේ සහභාගීත්වය පිළිබඳ අවසන් තීරණය ඉන්දීය රජය සතු බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
BCCI උප සභාපති රජීව් ශුක්ලා මීට පෙර ප්‍රකාශ කළේ ඉන්දියා කණ්ඩායම පාකිස්තානයට යන්නේ රජයේ අනුමැතිය ඇතිව පමණක් බවයි.
ඉන්දියාවේ ස්ථාවරය තරඟාවලියක් පැවැත්වෙන ස්ථානයට බලපෑ පළමු අවස්ථාව මෙය නොවෙයි.
2023 ආසියානු කුසලානය “දෙමුහුන්” ආකෘතියෙන් පැවැත්වුණේ එම ගැටලුව හේතුවෙන්.
ඉන්දියාවේ සියලුම තරග ශ්‍රී ලංකාවේ පැවැති අතර ඉතිරි කණ්ඩායම් පාකිස්තානයේදී තරග කළා.
