ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව දඟ පන්දුයැවීම් පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රෙග් හොවාර්ඩ් පත් කර තිබෙනවා.
ඒ වසර දෙකක කාලයක් සඳහායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ වෙනසක් සිදු කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර ප්‍රකාශ කර තිබූ අතර ඒ අනුව සිම්බාබ්වේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි පත් කළ අතර පන්දුරැකීම් පුහුණුකරු ලෙස උපුල් චන්දන පත්කර තිබුණා.
එවන් පසුබිමක ශ්‍රී ලංකා කණ්ඩායමට නව දඟ පන්දුයැවීම් පුහුණුකරුවෙකු පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.
ඒ වසර 10ක අධික කාලයක් ශ්‍රී ලංකා පිලේ දඟපන්දුයැවීම් පුහුණුකරු ලෙස කටයුතු කළ පියල් විජේතුංග ඉවත් කරමින්.
ඒ අනුව ශ්‍රී ලංකා පිලේ නව දඟ පන්දුයැවීම් පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියා ජාතිකයෙකු මෙන්ම ඕස්ට්‍රේලියා ක්‍රිකට් උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ ක්‍රෙග් හොවාර්ඩ් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා.
ක්‍රෙග් හොවාර්ඩ් මීට පෙර නවසීලන්ත වයිට් ෆර්න්ස් කණ්ඩායමේ සහ වික්ටෝරියානු කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ සුදුසුකම් ලත් 3 වන මට්ටමේ ක්‍රිකට් පුහුණුකරුවෙකු වන ක්‍රේග් වසර 12 ක සේවා අත්දැකීම් ඇති අයෙක්.
ඔහු ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.
