ඇමති සහ ක්‍රිකට් ගැටුම ගැන නාමල් කතා කරයි

ක්‍රිකට් පරිපාලනයේ හා දේශපාලඥයන්ගේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදාගත යුතුබවත් එසේ නොවුනහොත් අවසානයේදී අපහසුතාවයට හා අගතියට පත්වන්නේ ක්‍රීඩකයින් බවත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමන් ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි කාලයේදී පරිපාලන ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත් බවත් පැවසීය.එසේ කලේ ක්‍රීඩාව සහ ක්‍රීඩකයින්ගේ අනාගතය ගැන සිතා බවත් ඔහු පැවසුවා.

මෙම දේශපාලන හා ක්‍රිකට් පරිපාලනය ගැටීම නිසා ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් තහනම් කර ඇති බවත් මෙසේ ක්‍රීඩා තහනම නිසා වාර්ෂිකව ඍජු හා වක්‍රව ඩොලර් මිලියන 100ක් පමණ අහිමිවන බවද නාමල් රාජපක්ෂ පැවසුවා.

විශේෂයෙන්ම ආණ්ඩුවේ අභ්‍යන්තර පරිපාලන ගැටළු නිරාකරණය කර ගැනීමට ක්‍රීඩාව පාවිච්චි නොකළ යුතු බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කලේය.පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩාව පාවිච්චි නොකල යුතු බවත් ප්‍රශ්න තිබෙනවා නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් නැතිනම් විනාශ වී යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව හා ක්‍රීඩකයින් බවත් නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවා.

පසුගිය කාලයේදී රග්බි හා පාපන්දු පරිපාලනය හා දේශපාලඥයන් අතර ගැටුම් ඇතිවූ බවත් එමගින් සිදුවූයේ එම ක්‍රීඩාවන් තහනම් වීම බවත් නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.

එමනිසා දේශපාලනය හා ක්‍රීඩා පරිපාලනය අතර ගැටුම්වලින් වෙන්නේ අනර්ථයක් බවත් පසුගිය කාලයේ සිදුවූ කරුණු කාරණා අනුව එය අවබෝධ කර ගැනීම අපහසු නොවන බවත් නාමල් රාජපක්ෂ සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *