රන්මහා සටනේ 20-20 ජය D.S විද්‍යාලයට

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර රන් මහා සටනට සමගාමීව පැවැති පන්දුවාර 20-20 තරගය ජය ගැනීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත්වුණා.

ඒ කඩුලු 6කින්.

කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර රන් මහා සටනට සමගාමීව පැවැති පන්දුවාර 20-20 තරගය දිවා රාත්‍රි තරගයක් ලෙස ඉකුත්දා පැවැත්වුණේ කොළඹ සී සී සී ක්‍රීඩාංගණයේදියි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ මහානාම විද්‍යාලය නියමිත පන්දුාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 164ක් රැස් කිරීමට සමත්වුණා.

වෙනුර කවිත්‍ර ලකුණු 50ක් සහ එෂාන් විතානගේ ලකුණු 31ක් රැස් කළ අතර පන්දුයැවීමේදී චිතුන් බැද්දගේ සහ ෂනාල් බිනුක්ෂ කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ලකුණු 165 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉල්කකය පසුකර යාමට සමත්වුණා.

ෂනාල් බිනුක්ෂ ලකුණු 44ක් සහ ෂෙවාන් වෙල්ගම නොදැවී ලකුණු 36ක් රැස්කරමින් ඩී එස් සේනානායක විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කළ කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය මෙවර රන් මහා සටනට සමගාමීව පැවති 20-20 තරගයේ ජය හිමිකර ගත්තා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *