ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ගය රටටම දැකගැනීමට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඒ හරහා වංචා දූෂණ සිදුකර ඇත්තේ කවුදැයි හෙළිවෙන බවයි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් එකට ඇඟිල්ල දිගු කරලා තිබෙනවා ආපු විගණන වාර්තාවක් අනුව. බොහෝ සොරකම් සිදුවන ස්ථානයක් කියලා. ඒකට අපිව යටත් කරලා ඇමතිතුමා අපිට අවස්ථාවක් නොදී අපිව ඉවත් කළා. ඒක ඉතාම වැරදි දෙයක් කියලා අපිට තේරුණා.”
“ඔය කියන දේවල් අපි කරලා නැහැ. සියලුදෙනාම හොරු හැටියට සඳහන් කරලා අපිව එළියට දැම්මා. ඒ නිසයි අපි අධිකරණයට ගියේ.”
“දැන් අපි කෝප් කමිටුවේ වාර්තාව එළියට දානවා. අපි ඔය රහස්‍ය වාර්තාවල් නොයෙකුත් දේශපාලන හේතු නිසා ඒවා එළියට අරගෙන ගැටුම් ඇති කරගන්න අපි කටයුතු කළේ නැහැ. මං හිතන්නේ ඒකත් අපේ වරදක්. අපි දැන් වාර්තාව එළියට දානවා. සියලුදෙනාටම බලන්න පුළුවන් කොහෙද වැරදි කරලා තියෙන්නේ කියලා.”
ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත මහතා,
