කණ්ඩායම් 3ක සහභාගිත්වයෙන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම තරගාවලියට එක්වන බවයි.
තුන්කොන් එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම එක්දින තරගාවලියට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගිවීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන අතර සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
ලබන ඔක්තෝබර් මස ඉන්දියාවේදී ආරම්භ වන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සූදානමක් ලෙස මෙම තරගාවලිය සංවිධාන කෙරෙනවා.
මෙම තුන්කොන් එක්දින තරගාවලියේදී එක් කණ්ඩායමක් මූලික වටයේදි තරග 4කට සහභාගිවීමට නියමිතයි.
ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක හිමිකර ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.
තුන්කොන් කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අප්‍රේල් 27 වැනිදා පැවැත්වෙන අතර අවසන් මහා තරගය මැයි මස 11 වැනිදා පැවැත්වීමට නියමිතයි.
